බිහිසුණු අනතුරෙන් වෑන් රථයේ සිරවී සිටි තරුණිය බේරා ගැනේ (VIDEO)
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ වෑන් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරින් තරුණියක් තුවාල ලබා තිබේ.එම අනතුර සිදුව ඇත්තේ, වාද්දුව, තල්පිටිය, රත්නායක පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී ය.
මෙලෙස වෑන් රථය ගැටී තිබුනේ, දකුණු කළුතර සිට මරදාන දක්වා ගමන් ගත් මන්දගාමී දුම්රියකයි. එහිදී අනතුර සිදුවීමත් සමග වෑන් රථය දුම්රියේ එංජිම කොටසේ සිරවී තිබේ.
වෑන් රථයේ දකුණු පස සිටි පිරිමි පුද්ගලයාව ප්රදේශවාසීන් සුරක්ෂිතව බේරාගෙන තිබු අතර, වම්පස සිටි කාන්තාව පැයකට ආසන්න කාලයක් දුම්රිය හා වෑන් රථය අතර සිරවී සිට ඇත.
ඉන්පසුව ප්රදේශවාසීන් සහ කළුතර නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය පැමිණ මහත් වෙහෙසක් දරා සිරවී සිටි කාන්තාව බේරාගැනීමට සමත්වුණි. පසුව ඇයව ප්රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරින් ඇයගේ පාදයකට තුවාල සිදුව තිබුණි.
වෑන් රථයේ සිටි තරුණ යුවළ පෙම්වතුන් බවත් ඔවුන් කොටිකාවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වුණි. අනතුරින් දුම්රියේ ඉදිරිපසට හානි සිදුව ඇති අතර, වෑන් රථය සම්පුර්ණයෙන් විනාශ වී ඇත. වාද්දූව පොලීසියේ දුම්රිය ආරක්ෂක අංශය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.