පුටින්ගෙන් තවත් රටකට භයානක අනතුරු ඇඟවීමක්.. හේතුව මෙන්න..

United Russia Vladimir Putin
By krishani May 15, 2022 03:53 AM GMT
Report

ෆින්ලන්තය සිය මධ්‍යස්ථ ප්‍රතිපත්තිය ඉවතලා නේටෝ සංවිධානයට සම්බන්ධ වීම බරපතළ අත්වැරැද්දක් වනු ඇති බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා ඇත.

කෙසේවෙතත් ඔහු ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ එරට ආරක්ෂාවට රුසියාවෙන් තර්ජනයක් නොමැති බවයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ෆින්ලන්තය සහ ස්වීඩනය, නේටෝ සංවිධානය සමඟ සම්බන්ධවීමට සැළසුම් කර ඇති අතර රුසියාව සමඟ කිලෝමීටර 1,300 ක දේශසීමාවක් සහිත ෆින්ලන්තය මෙතෙක් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයට එක් නොවූයේ සිය අසල්වැසි රුසියාව උදහසට පත්වීම වැළැක්වීමේ අරමුණින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join