කන්‍යා පටලය අහිමි වූ සහ නොවූ තරුණියන්ගේ දැනගැනීම පිණිසයි..ඔබටත් මේ දෙය සිදුවිය හැකියි...
විසි දෙහැවිරිදි(22) තරුණියක රවටා ඇගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට බිය ගන්වමින් ඇය ව පිරිමින්ට අලවි කරමින් ජාවාරමක් සිදු කළ වාරියපොළ ප්‍රදේශයේ 52 හැවිරිදි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මිනුවන්ගොඩ දිසා විනිසුරුවරයා විසින් මෙම නියමය සිදු කර ඇති බව යි වාර්තා වන්නේ. සිද්ධියට මුහුණ දී ඇත්තේ, රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
දේවාරූඩයෙන් පවුල් අවුල් විසඳන බවත් අඳුනක බලයෙන් තරුණියන්ගේ නැති වූ කන්‍යාපටලය සකස් කර දෙන බවත් සැකකරු අදාළ තරුණියගේ මවට පවසා ඇති බව වාර්තා වනවා.
පසු ව සැකකරු තරුණියගේ මවගෙන් තරුණියගේ දුරකතන අංකය ඉල්ලාගෙන ඇති අතර, ඒ හරහා තරුණියගෙන් තොරතුරු විමසා ඇති බව සඳහන්.
අඳුනේ බලයෙන් කන්‍යාපටලය සැකසීමට නම් පළමුව නිරුවත් වීඩියෝපටයක් අවශ්‍ය බව සැකකරු තරුණියට පවසා ඇති අතර, තරුණිය ඊට එකඟ වී නෑ.
නමුත් ඇමතුම ලබා ගන්නේ දේවාරූඪයෙන් බවත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ හොත් දැඩි කරදර විඳීමට සිදු වන බවත් සැකකරු විසින් තරුණියට පවසා ඇති බව යි වාර්තා වන්නේ.
පසු ව සැකකරු තරුණියගේ නිරුවත් වීඩියෝ තම ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඇති අතර, ඒ හරහා තරුණිය ව බිය වද්දමින් ඇය ව වෙනත් පිරිමින්ට අලෙවි කර තිබෙනවා.
දිවුලපිටිය පොලිසියට ලද තොරතුරක් මත අදාළ සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇති අතර, පසු ව අදාළ තරුණිය සියලු සිදුවීම් මාලාව පොලිසියට පවසා ඇති බව සඳහන්.
තරුණිය මීගමු මහ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව අධිකරණ නියෝග මත සිය මවට භාර දීමට යි පොලිසිය කටයුතු කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |