විපක්‍ෂයේ මන්ත‍්‍රී තනිවෙයි..විද්‍යා පීඨ සිසුන්ට සහ දෙමාපියන්ට බැණ බැණ ගෙදර ගිය හැටි මෙන්න.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත දෙවන වසර සිසුන් ජනවාරි 15 සිට කැදවා අධ්‍යන කටයුතු ජනවාරි 18 සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කළා.
2020 වසරේ ඹක්තෝම්බර් මස සිට 2021 නොවැම්බර් මස දක්වා දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 නිරෝධායන මධ්‍යස්ථාන සහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ලදි.
යුධ හමුදාව විසින් විද්‍යාපීඨ වල නේවාසිකාර වල පවිත්‍ර කිරිම් සහා අලුත්වැඩියා කටයුතු සිදුකර නැවත විද්‍යාපීඨ පාලනාධිකාරිය වෙත පීඨ භාරදි තිබේ.
මෙම මාස 14 කාලය තුල විද්‍යාපීඨ දෙවන වසර සිසුන්ට මාර්ගගතව(Online) අධ්‍යාපනය ලබා දි තිබෙන අතර සියලු සිසුන්ට මාසිකව රු. 4800 ක දීමනාවක් ද රජයෙන් ගෙවා ඇත.
විද්‍යාපීඨ නේවාසිකාගාර කිහිපයක රැදි සිටි ඇතැම් පුද්ගලයින් විසින් ඇතැම් විද්‍යාපීඨ දෙවන වසර සිසුන් ගේ බඩුභාහිරාදිය සොරකම් කර තිබේ.
සිසුන් ගේ සොරකම් කල බඩුභාහිරාදිය පිළිබද වාර්තා ලේඛන විද්‍යාපීඨ මට්ටමින් අධ්‍යාපන අමාත්‍යංශයට කැදවා තිබෙන බව වාර්තා වනවා.
විද්‍යාපීඨ දෙවන වසර කණ්ඩායමේ සිසුන් පිරිසක් දකුණු පළාත නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සමග එක්ව වන්දි ගෙවිම ප්‍රමාද කිරිම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මාධ්‍ය හමු කිහිපයක් පවත්වා වන්දි ගෙවිම කඩිනම් කරන ලෙස හෝ එසේ වන්දි ගෙව්ම ප්‍රමාද වන්නේ නම් දෙවන වසර සිසුන් නැවත ප්‍රයෝගික පුහුණුවට සහා අවසන් විභාගය වෙනුවෙන් විද්‍යාපීඨ වෙත නොකැදවා සිසුන් ගේ නිවසට ආසන්නයේ ඇති කුමන පාසලකට අනයුක්ත කරන ලෙස මාධ්‍ය හරහා ඉල්ලිම් කර තිබේ.
ඔවුන් බලාපොරොත්තු වු ඉල්ලිම් ප්‍රතිචාර වශයෙන් නොලැබුනු නිසා මෙම හිටපු මන්ත්‍රිවරයා විද්‍යාපීඨ දෙවන වසර සිසුන් හා දෙමව්පියන් එක් කර ගනිමින් ඉකුත්(14) දිනයේ පස්වරුවේ මාතර දි සත්‍යග්‍රහයක් පැවැත්වීමට සුදානම් වි ඇත.
කෙසේවෙතත් හිටපු මන්ත්‍රිවරයා තම දේශපාලන ආධාරකරුවන් සිවිදෙනෙකු සමග එම ස්ථානයට පැමින පැය 2ක කාලයක් බලා සිටියද කිසිදු සිසුවෙකු හෝ දෙමව්පියෙක් පැමිණ සිට නැත.
මෙම සිදුවිම නිසා කණස්සල්ලට පත් හිටපු මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
විද්‍යාපීඨ සිසුන් බදවා ගැනිමේදි ඇප බැදුම්කර ගිවිසුමකට සිසුන් අත්සන් තබන අතර එයට අනුව විද්‍යාපීඨ තුල හෝ ඉන් පිටත ශිෂ්‍ය සංගම් පිහිටුවිමට උද්ඝෝශණ උපවාස සත්‍යාග්‍රහ වැනි දැ පැවැත්විම නිත්‍යානුකුව තහානම් කර තිබේ.
හිටපු මන්ත්‍රිවරයා මෙම සිදුවිම සම්බන්ධව ක්‍රියාකල අන්දම පිළිබද ගුරු සංගම් කිහිපයක නිළධාරින් දුරකථනයෙන් අමතා දැඩි විවේචන සිදුකර තිබෙන බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |