අහස උසටම යන එළවළු මිලෙහි අද තත්ත්වය..

Sri Lanka
By krishani May 27, 2022 08:45 AM GMT
Report

වෙළඳපලෙහි එළවලු මිල ගණන් මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව, උඩරට එළවළු වර්ග වන බෝංචි කිලෝවක් 700ත් 760ත්, බීට් රූට් කිලෝවක් 400ත් 460ත් තක්කාලි කිලෝවක් 700ත් 800ක් දක්වා ඉහළ ගොස් ඇත.

වම්බටු, මෑකරල්, අමුමිරිස් ඇතුළු එළවළු රැසක ද සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇති අතර පහතරට සෑම එළවළුවක්ම කිලෝව රුපියල් 300 ත් 450 ත් අතර මිලකට අලෙවි වේ.

තවද කොස් මදුලු කිලෝවක් රුපියල් 150ක මිලකටත්, මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 120කටත් අලෙවි වේ.