එළවළු ගැන සුබ ආරංචියක්..

President of Sri lanka Sri Lanka Food Crisis
By krishani Dec 28, 2022 07:04 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාවකට අනුව  වසර 23කට පසු දුම්රියෙන් කොළඹ - කොටුවට එළවළු ප්‍රවාහනය කිරීම ඊයේ(27) ආරම්භ විය.

ඒ අනුව  එළවළු ප්‍රවාහනයට විශේෂ මැදිරි 05ක් නිර්මාණය කර ඇත.

නියමු ව්‍යාපෘතියක් ලෙස ඊයේ (27) පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ - කොටුව දක්වා එළවළු ප්‍රවාහනය ආරම්භ කළේ ය.

එම විශේෂ දුම්රිය රාත්‍රි 12ට කොළඹ - කොටුවට ළඟා වු අතර එමඟින් රැගෙන එන එළවළු කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල්වලට සහ මැනිං වෙළඳපොලට යොමු කෙරෙයි.

සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනය කෙරුණු මෙම දුම්රියේ මගීන්ට ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join