එළවළු මිලේ දැවැන්ත වෙනසක් - මොකද දන්නව ද වුණේ?.

Vegetables Vegetables Price Latest Headlines Vegetable Price Today
By krishani Mar 21, 2024 10:11 AM GMT
krishani

krishani

in ආහාර
Report

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථනය සහ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකට එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් එළවලු මිල සැළකිය යුතු ප්‍රමාණයකින් පහත ගොස් ඇති බව වාර්තා විය.

එළවළු මිලේ දැවැන්ත වෙනසක් - මොකද දන්නව ද වුණේ?. | Vegetable Prices In Sri Lanka

පසුගිය දිනවල රතු ළුෑනු කිලෝවක් රුපියල් 350කට අලෙවි විය.නමුත් එය මේ වන විට රුපියල් 110 දක්වා පහත වැටී තිබෙනවා.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 200ක් ලෙසයි.

එමෙන්ම, බෝංචි කිලෝවක් රුපියල් 160කටත් ලීක්ස් කිලෝවක් රුපියල් 150ත් අතර මිලකටත් පැවතියේ ය.

තව ද, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 240ත් ලෙස වේ.

එමෙන්ම, බෝංචි කිලෝවක් රුපියල් 240කටත් , ලීක්ස් කිලෝවක් රුපියල් 320කට සහ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 600ක් ලෙස ද සටහන් විය.

කෙසේ වෙතත්, වෙළෙඳුන් අතරමැදි වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ එළවළු මිල අඩුවීමේ වාසිය ජනතාවට උපරිමයෙන් ලබාදෙන මෙන් ය.