මිතුරාව සවලකින් ගසා ඝාතනය කළ සැකකරු භාරවෙයි

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Jul 10, 2023 02:29 PM GMT
Report

අද (10) වවුනියාව, ඊච්චන්කුලම ප්‍රදේශයේදී සවලකින් ගසා පුද්ගලයකු ඝාතනය කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීමෙන්, මරණයට පත් වී ඇත්තේ වයස 32ක් වූ වවුනියාව, කල්මඩු, ඊශ්වරිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පවසන්නේ, මත්පැන් සාදයක් තුළදී මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් මෙම මරණය සිදු කළ බවයි.

තම මිතුරා ඝාතනය කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇති අතර අද අලුයම ඔහු වවුනියා ඊච්චන්කුලම පොලිසියට පැමිණ භාර වී තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.