මන්නයක් රැගෙන ඇවිත් කාන්තාවකගේ මාලය කොල්ලකෑ සීසීටීවී දර්ශන එළියට..(CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Oct 27, 2022 07:25 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කාන්තාවක් යතුරුපැදියකින් සිය නිවෙසට පැමිණෙන විට විශාල මන්නයක් රැගෙන පැමිණි පුද්ගලයෙක් ඇයගේ ගෙල බැඳී රත්‍රං මාලය පැහැරගන්නා අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එම සිදුවීමට අදාළ සැකකරුවන් දෙදෙනා කඳාන පොලීසිය විසින් ඊයේ (26) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අදාළ සැකකරුවන් දෙදෙනා කඳාන, මහබාගේ සහ වත්තල යන ප්‍රදේශවල කාලයක සිට මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවය.

එම කොල්ලකෑම් සිදුකිරීමට සැකකරුවන් ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක් යොදාගෙන ඇති අතර, රන්මාල කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන් වත්තල, අවරකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් කොල්ලකන ලද පවුම් 5කට ආසන්න ප්‍රමාණයක රන් භාණ්ඩ හා ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරු පැදිය පොලිස් භාරයට ගෙන ඇති තිබේ. සැකකරුවන් දෙදෙනා විමර්ශනවලින් අනතුරුව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

( වීඩියෝ අයිතිය ada derana)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now