වැලිකඩ බන්ධනාගාරයේ නඩු තීන්දුව..රන්ජන් ට මරණ දඬුවම.

prison Colombo Court Walikada Emil Ranjan
By Sewvandhi Jan 12, 2022 01:30 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් 8දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා එම චෝදනාවට වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (12) මරණීය දණ්ඩනය නියම කර තිබේ.

එම නඩුවේ පළමු විත්තිකරු වූ එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව මහතා අධිකරණය විසින් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

2012 වසරේ නොවැම්බර් මස 09 වන දින පොලිස් විශේෂ කාර්යය බළකාය වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාවයේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එවකට පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක්ද තුවාල ලැබීය. 

 අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවක මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණි.

කෙසේවෙතත් අදාළ සිදුවීමේදී රැඳවියන් 08 දෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරාදැමීම, කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධි ජන ඒකරාශිය ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් 2019 ජුලි මස 04වන දින සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදු කළේය.

ඒ අනුව අදාළ නඩුව වසර 2කට වැඩි කාලයක් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි.

නඩු විභාගය අවසානයේ එහි තීන්දුව ඉකුත් ජනවාරි 06 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද මුද්‍රණ දෝෂ සැකසීමට කාලය අවශ්‍ය හෙයින් තීන්දුව ප්‍රකාශ කිරීම අද දිනය දක්වා කල් තැබුණි.

අද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම ගැටුමේදී සිරකරුවන් 8 දෙනෙකු මරාදැමීමේ චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණි. මෙ

ම නඩුවේ විත්තිකරුවෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාට අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමකරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now