මැරුණු පුද්ගලයා හා ඝාතකයන් එක්ව කලින් පාර්ටි දමා,නිවසටම ඇවිත් මරාදමා යයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 20, 2022 09:05 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වැලිගම හෙට්ටිවීදිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු හෙට්ටිවිදිය ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා සහභාගී වී ඇති අතර එහිදී සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් තිබෙනවා. 

 පසුව ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා සිය නිවාස බලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අවස්ථාවේ ආරවුල ඇති කරගත් තිදෙනෙකු එම නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now