බස්, ලොරි අනතුරින් විශාල පිරිසක් රෝහලට - සීසීටීවී දර්ශන සහිතයි..(CCTV VIDEO)
Sri Lanka
Accident
By Sewvandhi
වාද්දුව සුදුවැලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකි.
අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ. බස් රථය කළුතර සිට පානදුර දෙසට ගමන් කරමින් තිබියදී පසුපසින් පැමිණි ලොරි රථය බස් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදුව ඇත.
එම අනතුර අසළ වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව ඇත. ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාද්දුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
(වීඩියෝ අයිතිය - ada derana )