3 වසරේ සිසුවිය අපයෝජනය කළ පුද්ගලයෙකුට මහාධිකරණයෙන් දුන් නියෝගය..!

Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Child Abuse
By Sewvandhi Aug 10, 2023 03:30 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ අට හැවිරිදි දැරියක් අපයෝජනය කොට දූෂණය කළ අයෙකුට අද දින බලපිටිය මහාධිකරණයේදී චෝදනා දෙකකට වසර පහළොවක් බරපතළ වැඩ සහිතව මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් සිර දඬුවම් නියම කරන ලදී.

2006 වසරේ 8 වෙනි වියේ පසු වූ මෙම දැරිය එවකට 3 වසරේ ඉගෙනුම ලබන සිසුවියකි. ඇයගේ සොහොයුරියගේ සැමියා විසින් 2006 වසරේ දෙසැම්බර් මස දක්වා ඇය විටින් විට කුරුදු ඉඩමකට ගෙනගොස් අපයෝජනයට පත්කර දූෂණය කළ බව නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හෙළි විය.

මෙම සිද්ධිය සම්බන්ධව තම සොයුරියට හෙළිකළහොත් ඇය මරණ බවට තර්ජනය කරමින් එම දැරිය මෙසේ දූෂණය කර ඇත. මේ සම්බන්ධයෙන්එම පවුලේ ඥාතියෙකු විසින් ඌරගස්මන්හන්දිය පොලිසියට පැමිනිලි කර ඇත.

ඉන් පසු සැකකරු අත් අඩන්ගුවට ගෙන සි.ආර්.අයි.2734/2007 යටතේ නඩු පවරා ඇත. සිද්දියට සම්බන්ධ සැකකරුට අපයෝජනය සහ දූෂණය කිරීම යන චෝදනා දෙක ඉදිරිපත් කරනු ලැබූ අතර එම චෝදනා සනාථ වීමෙන් අනතුරුව අපයෝජනය කිරීමේ චෝදනාවට බරපතළ වැඩ සහිතව අවුරුදු 3 ක සිර දඬුවමක් සහ රුපියල් දහදාහක දඩ මුදලක් මෙන්ම දෙවන චෝදනාව වන දූෂණය කිරීමේ චෝදනාවට බරපතළ වැඩ සහිතව වසර 12 ක දඬුවමක් සහ රුපියල් පහලොස්දාහක දඩ මුදලක් නියම වූ අතර වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක් ගෙවන ලෙස ද නියෝග කරන ලදී.

මෙසේ දඬුවම් නියම කරන ලද්දේ ඌරගස්මංහන්දිය කයිලන්ත ප්‍රදේශයේ පදිංචි තොම්මයා හකුරු ජයලත් නමැති අයෙකුටය .උරගස්මන්හන්දිය පොලිසියේ කාන්තා පොලිස් සැරයන් මල්කාන්ති මහත්මිය විමර්ශන නිලධාරී ලෙස නඩු විභාගයට සම්බන්ධ වූ අතර රජයේ අධිනීතිඥ සෞම්‍යා විජේසිංහ මෙනවිය අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින ලදී. (අම්බලන්ගොඩ අනුරාධ - උපුටා ගැනීමක්)