Unlimited Cloud storage එකෙන් GB කොපමණ ප්‍රමාණයක් නොමිලේ ලැබෙනවද?

By Wayomi May 13, 2022 12:24 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් ඔබේ දුරකතනයේ හෝ පරිගණකයේ තියෙන Photos, Videos, Documents වැනි දෑ ගබඩා කරන්නේ මොනවද? සමහරු නම චිප් එකක් හෝ වේවා, හාර්ඩ් එකක් හෝ, පෙන් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා නැති වෙන්න පුළුවන්. නැත්නම් data මැකෙන්න පුළුවන්. ඒ නිසා අද ගොඩක් දෙනක් භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්න online storage drive භාවිතා කරනවා. ඉතින් මේ කියන්න යන්නේ එම online storage drive මොනවද සහ ඒවායේ storage ප්‍රමාණය කොතරම් දුරට භාවිතා කරන්න පුළුවන්ද කියලයි. 

- iCloud storage

- Google drive

- One drive

- Sky drive 

Cloud storage තමයි Photos, Videos, Documents වැනි දෑ ගබඩා කර තබා ගැනීම දැනට තියෙන හොඳම storage drive එක. Android මෙහෙයුම් පද්ධතියක් සහිත සෑම දුරකතනයකම පාහේ Google drive cloud storage එකද, සෑම iOS මෙහෙයුම් පද්ධතියක් සහිත සෑම දුරකතනයකම පාහේ iCloud storage එකද දකින්න පුළුවන්.

iCloud storage

Cloud storage කියන්නේ unlimited drive එකක්. iCloud storage එකේ initial space provide එක ඒ කියන්නේ මුලින්ම ඔබට 5GB ධාරිතාවක් නොමිලේ ලැබෙන අතර ඊට පස්සේ ඒකට ගෙවීමක් (pay) කරන්න වෙනවා.

Google Drive

Google drive යනු වර්තමානය වන විට වැඩිපුරම භාවිතා වන Cloud storage service එකක්. සෑම android මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකතනයකම Pre installed App එකක් ලෙස Google Drive දකින්න ලැබෙනවා. එතකොට මේකෙන් ඔබට 15GB ධාරිතාවක් නොමිලේ ලැබෙන අතර ඊට පස්සේ ගෙවන්න සිදු වෙනවා.

One Drive

OneDrive යනු අප සෑම දෙනාම භාවිතා කරන windows මෙහෙයුම් පද්ධතිය සමඟින් එන Cloud storage service එක. මෙහි හිමිකාරීත්වය තිබෙන්නේ Microsoft සමාගමටයි. මේකෙන් File size limit එකකින් තොරව files upload කිරීමේ පහසුකමද තිබෙනවා.ඒ වගේම මෙම cloud storage service එක භාවිතා කිරීමට Microsoft account එකක් තිබිය යුතුයි. මේකෙත් 5GB ප්‍රමාණයක් නොමිලේ ලැබෙනවා.

Sky Drive

Microsoft OneDrive (කලින් SkyDrive) යනු Microsoft විසින් ක්‍රියාත්මක කරන සේවාවක්. මේකෙන් 15GB ධාරිතාවක් නොමිලේ ලැබෙන අතර ඊට පස්සේ ගෙවන්න සිදු වෙනවා.