තුරග තරග පිටියේදී පෙම්වතිය ඝාතනය කල සරසවි සිසුවාට ලැබුණු අධිකරණ නියෝගය..

Sri Lanka Crime
By Sewvandhi Feb 13, 2023 10:59 AM GMT
Report

කොළඹ තුරග තරග පිටියේදී පිහි ඇනුමක් සිදුකර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කළ ඇගේ පෙම්වතා ලබන 27 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින්.

ඝාතනය සිදුකරන අවස්ථාවේ සැකකරු හැඳ සිටි ඇඳුම් පැළඳුම්, ඔහු භාවිත කළ ජංගම දුරකථනය, ලේ සාම්පල් ඇතුලු නඩු භාණ්ඩ 11 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තා කැඳවන ලෙසයි එහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

පසුගිය මස 17 වනදා මෙලෙස ඝාතනයට ලක්වුණේ 24 හැවිරිදි හෝමාගම - කිරිවත්තුඩුව - පුබුදු උයන ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ඉගෙනුම ලැබූ අතර, සැකකරු ද එම පීඨයේම තුන්වන වසරේ සිසුවෙක්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now