කුරිරු ලෙස සරසවි සිසුවිය ඝාතනය කල පෙම්වතාට අධිකරණය අද දුන් නියෝගය..!

University of Colombo Sri Lanka Crime
By Sewvandhi Jan 30, 2023 12:15 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොළඹ තුරඟ තරග පිටියේ දී ඝාතනයට ලක් වූ සරසවි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වූ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (30) පැවැත්විය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සිය පෙම්වතිය වූ විශ්වවිද්‍යාල සිසුවියකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරසිටින විශ්වවිද්‍යාල සිසුවා එළැඹෙන 13 වැනිදා දක්වා තවදුරත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසටය.

සැකකරු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට පවසා ඇත.සිසුවියගේ පියාද අද අධිකරණයේදී සාක්ෂි ලබා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now