ටියුෂන් ගුරා උඩ තට්ටුවෙදි ලස්සන 13නේ දැරියට කළ දේ..ඇඟ කිළිපොලා යන කතාවේ අමුතු හෙළිදරව්වක්.
පානදුර ප්‍රදේශයේදී ටියුෂන් ගුරුවරයෙකු විසින් 13 හැවිරිදි ශිෂ්‍යාවක අපයෝජනය කිරීමට අදාලව පළවූ පුවත්පත් වාර්ථාවට අනුව එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් මේ ළමා අපයෝජනය පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ අනුව එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් එම පැමිණිල්ල සිදු කර තිබුණේ මෙලෙසින්.
CC/ 22/02/028 යන පැමිණිළි අංකයට අදාළව, අහිංසක පාසැල් සිසුවිය මෙසේ අපයෝජනයට ලක්වී ඇති බාල වයස් ළමයාට නිසි උපදේශනය ලබා දෙන ලෙසත්, නීතිමය කටයුතු වලට සහාය වන ලෙසටත් අප ඉල්ලා සිටියෙමු.
පානදුරේ ජයතිලක මාවතේ 150m පමණ යන විට ඇති සම්පූර්ණ නොවූ තෙමහල් ගොඩනැගිල්ලේ 2වැනි මහලේ මෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන ගණිත පංතිය ඇත.
එක් ළමයෙකුගෙන් මසකට රු 2500/= අය කරයි. මෙම පංතිය පවත්වන්නේ නිමන්ත මධුසංඛ ජයසිංහ නැමැත්තෙකි.
පානදුර ජයතිලක මාවතේම පදිංචි මෙම නිමන්ත මධුසංඛ ජයසිංහ අවිවාහකයෙකි.
7 ශ්‍රේණියේ ඉගෙණුම ලබන ලස්සණ ඉගෙනීමට දක්ෂ මෙම ගැහැණු ළමයාගේ වයස අවුරුදු 13කි. පවුලේ එකම ළමයාය.
මවත් පියාත් දෙදෙනාම රැකියාවල නියුතු වුවද පංතිය අවසන් වන තුරු එක් අයෙක් එම ගොඩනැගිල්ලේ පහළ මාළයේ සිටින බවත් කියැවේ.
මීට පෙරද මෙම පංතියට සහභාගි වූ ළමයින් 7-8 දෙනෙකුවම මවි පියන් විසින් හදීසියේම වාගේ ඉවත්කරගෙන ගොස් ඇති බවටද ආරංචිය. ???
අද 2022/02/01 පානදුර අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පුද්ගලයාව 2022/02/09 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
(බී 91110/22) මෙම ගැහැණු ළමයාගේ පියා හඬමින් පැවසුවේ " අනේ තවත් ළමයින්ට මේ දේ වෙන්න දෙන්න එපා - මගේ ළමයා ඉස්කෝලේත් යන්න බැහැ කියනවා " කියාය.
මේවා අහස පොළොව නුහුලන මහා අපරාධය.
අහිංසක ළමයින්ව විනාශ කරවනා මෙවන් පුද්ගලයන්ට ඉදිරියේදි පංති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් විය යුතුය.
දෙමව්පියන්ද මෙවැනි පුද්ගලයන් ගැන දැන ගත යුතුය . මාධ්‍යයට විශාල සේවාවක් ඇත .
හැම පුරවැසියෙක්ම ළමයින් වෙනුවෙන් අපේ යුතු කම ඉටු කරමු.
දැනුවත් වෙමු, දැනුවත් කරමු. අවධානයෙන් සිටිමු. නැගී සිටිමු. අද ළමයා හෙට ශ්‍රී ලංකාවයි.
අපයෝජනයට ලක්වූ අනාගතයකට ඔබ කැමතිද ?
ඔබේ දරුවා ගැන ඔබ දන්නවාද ?
සොයා බලන්න - අම්මේ , තාත්තේ
අයිතියට පෙර යුතුකම
-එක්සත් මානව හිමිකම් සංවිධානය-.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |