ලොක්කොයි පොඩ්ඩොයි ඔක්කොම එකතු වෙලා හවස තේ වෙලාවට හදන්න මෙන්න රසම රස උළුදු වඩේ...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
අවශ්‍ය ද්‍රව්‍ය :-
- උඳු ඇට කෝප්ප 1
- ලියාගත් අමුමිරිස් කරල් 2
- ලියාගත් ළූණු ගෙඩියක්
- කෑලිමිරිස් තේහැඳි 1
- කපාගත් කරපිංචා කොළ ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බැදීමට තෙල්
සාධන අයුරු :-
- උඳු ටික පැය 8ක් පෙඟෙන්න තියන්න.ඊලඟට වතුර ටිකක් දාලා මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. උඳු පිටි තියෙනවනං ඉතිං කෙලින්ම ඒ පිටිම ගන්න. ප්‍රශ්නයක් නෑ.
(උඳු 200g ට පාංපිටි 100g ක් දාන්නත් පුළුවන්. මොකද උඳු පිටි විතරක් ගත්තම පොඩි තිත්ත රසක් එන්න පුළුවන්) මේකට කපාගත් සියල්ලම දාලා රස අනුව ලුණු , ගම්මිරිස්කුඩු දාගන්න.
හොඳට කලවම් කරලා අනාගන්න.
පැය භාගයක් වගේ පිපෙන්න තියලාතෙල් තාච්චිය රත් කරගන්න.
පසු තෙල් තාච්චිය හොදින් රත් වෙන්න තියා එකට මේ වඩේ මිශ්‍රනයෙන් ටිකක් අතට ගෙන එහි මැද සිදුරක් හදා තෙල් තාච්චියට දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.ගින්දර අඩුවෙන් දමා බැද ගන්න.
ඔයාලා අතට වඩේ මිශ්‍රනය ගන්න පෙර අතේ හොදින් වතුර ගා ගන්න.එතකොට අතේ ඇලවෙන්නේ නැහැ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |