සති ගණනාවක් සැඟව සිටි සිවිලි වැසියන් පිරිසක් මුදවා ගැනේ.

Russo-Ukrainian War
By Wayomi May 08, 2022 05:03 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report
මැරියුපෝල් Azovstal බලාගාරයේ සති ගණනාවක් සැඟව සිටි සියලුම වැඩිහිටි පුද්ගලයින්, කාන්තාවන් සහ ළමුන් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සඳහා මිට සතියකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රතු කුරුස සංවිධානය විසින් මෙහෙයුමක් දියත් කළ බවයි ආරංචි මාර්ග පවසන්නේ.
එලෙස මුදවාගත් ජනතාව සිටින්නේ කොහෙද යන්න පැහැදිලි නොමැති වුවත්, යුක්රේන නියෝජ්‍ය අගමැති ඉරීනා වෙරේෂ්චුක් කියා සිටියේ, මානුෂීය මෙහෙයුමේ මෙම කොටස දැන් සම්පූර්ණ කර ඇති බවයි.
සෝව් බලඇණියෙන් තම ආරක්ෂකයින්ට යටත් වන ලෙස ඉල්ලා රුසියාව සති ගණනාවක් බලාගාරය වටලා තිබෙනවා.  


GalleryGallery