හීං උඳුපියලිය ශාකය භාවිතයෙන් සුව කරගත හැකි ලෙඩ රෝග..

By Subodha Jun 16, 2022 11:13 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට් පදාසයකින් වැසී ගොස්ය. මිනිසාට තණබිස්සක පහස ලබන්නට දෙපතුලකට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් හිමිදිරි උදෑසනක තණ බිස්සක සක්මන් කරන්නට ඇත්නම් එය ලෙඩ රෝග ගණනාවකින් දුරස්ව ජීවත් වන්නට හොඳම මාර්ගයකැයි දේශීය වෛද්‍ය විද්‍යාවෙන් පැවැසේ. ඔබේ ගෙමිදුලෙ සිහින් තීරයක් තණ බිස්සක් සේ සකස් කර ගත හැකි නම් මෙම ප්‍රතිලාභය ඔබට නොමිලයේම අත්පත් කර ගත හැකිය.

තණකොළ වෙනුවට ඔබට හීන් උඳුපියලිය නමින් හැඳින්වෙන ඖෂධීය පැළෑටිය සිටුවා ගත හැකි නම් ඒ මත ඇවිදීමෙන් අත්වෙන යහපත ඊටත් වඩා බොහෝ වැඩිය. හීන් උඳුපියලියද තණ කොළ මෙන්ම පහසුවෙන් බෝවන පැළෑටියකි. හීන් උඳුපියලි මත ඇවිදීම දේශීය වෙදකමේ අනඟි ඔසුවකි. උඳුපියලිය නිල්ල පෑගීම අක්ෂි රෝග වැළැක්වීමට සහ ඇස් පෙනීමේ වර්ධනයට හිතකරය. හීං උඳුපියලි ශාකය පොළවට සමාන්තරව වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. පර්වයන්ගෙන් පොළවට මුල් ඇදෙමින් මීටර් භාගයක් පමණ වැඩෙයි.

හීං උඳුපියලිය ශාකය භාවිතා කරමින් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

  • මව්කිරි වර්ධනය වීම වැඩි කරයි.
  • අක්ෂි දුර්වලතාවයන් සමනය කරයි.
  • ආතරයිටීස් රෝග සමනය කරයි.
  • තොල් පැලීම් සුව කරයි.
  • පරණ තුවාල සුව කරයි.
  • සෙංගමාලය සමනය කරයි.
  • ඉරුවාරදය සුව කරයි.
  • අර්ශස් සුව කරයි.
  • ආතරයිටීස් රෝගීන්ට සුදුසුවේ.
  • මුත්‍ර අඩස්සිය සුව කරයි.
  • මාන්දම සමනය කරයි.
  • ළදරුවන්ගේ අජීර්ණ තත්ත්වයන් සමනය කරයි.
  • උදරගත රෝග සමනය කරයි.
  • තුවාල සුව කරයි.
  • රක්ත වාතය සමනය කරයි.
  • ආහාර රුචිය වැඩි කරයි.
  • දියවැඩියාව නිසා ඇතිවන පිපාසය සුව කරයි.
  • කැඩුම්, බිඳුම් සුවකරයි
  • පත්තෑ විෂ නසයි.
  • පොළොං විෂ නාශනය කරයි.
  • විසර ගෙඩි සුව කරයි 

බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඔසු සෑදීමෙදී මෙම සම්පූර්ණ ශාකයම යොදා ගනී. විවිධ පළාත් වල කැඩුම් බිඳුම් සඳහා ද හීං උඳුපියලිය භාවිතා කරයි. රෝග රැසකට ප්‍රතිකාර සදහා හීන් උදුපියලිය භාවිතා කරන අතර පිරිමි හා කාන්තා ලිංගික හීනතාවයන් සදහා ඉතාම ගුණදෙන ඖෂධයකි


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now