ට්‍රම්ප් චීනයට පැමිණෙයි

Donald Trump Xi Jinping China Latest Headlines Sinhala news
By R.rishma Nov 18, 2026 12:40 PM GMT
Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නගරය වෙත පැමිණ තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම ද විශේෂත්වයකි.

ෂෙන්සෙන් නගරයේ පැවැත්වෙන APEC ආර්ථික නායක සමුළුවට සහභාගී වීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම චීන සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එමෙන්ම මෙම සංචාරය අතරතුර චීන සහ රුසියානු නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වීමට ද ජනාධිපති ට්‍රම්ප් සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම හමුව ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.