ප්‍රදේශයක ඇති වූ නොසන්සුන්තාවයකින් තරුණයෙකු ජීවිතක්ෂයට..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 09, 2023 12:55 PM GMT
Report

උඩුදුම්බර - වුඩ්සයිඩ් ජනපදය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ අරවුලකදී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවූ දෙමටගස්තැන්න මැද මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පැවසුවේ තියුණු ආයුධවලින් පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවය.

ඊයේ (08) රාත්‍රියේ මරණකරුගේ පියා සහ මව පදිංචිව සිටින නිවස අසල සිටින පිරිසක් සමග මෙම ගැටුම සිදුව තිබේ. එහිදී මරණකරුගේ පියා සහ සහෝදරයෙකු ද බරපතළ තුවාල ලබා රෝහල් ගත තිබේ.

ඝාතනය සම්බන්ධ සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහු ද කැපුම් තුවාල සහිතව තෙල්දෙණිය රෝහලේ පොලිස් ආරක්ෂාව ඇතිව ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now