අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිලගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Politician Prime minister
By krishani May 16, 2022 07:57 AM GMT
Report

පාර්ලිමේන්තු ස්වාධීන වූ පක්ෂ 10 කණ්ඩායමේ නියෝජිතයින් හා තවත් ස්වාධීනව ක්‍රියා කරන මන්ත්‍රී කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව අද(16) හමුවිය.

රැස්වීම අවසානයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍යධුර භාර නොගෙන අගමැතිවරයා යෝජනා කරන කමිටු 15 ට සම්බන්ධ වී මේ මොහොතේ පවතින ජනතා ගැටලු විසඳීමට සහය දෙන බවයි.

මේ සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ආචාර්ය විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

පහතින් එම විඩියෝව නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join