දරුවෙක් වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටී සිදු වූ අනතරකින් ජීවිත දෙකක් බිලිවෙයි.

Sri Lanka Police Accident
By Wayomi Feb 06, 2024 03:47 AM GMT
Report

ඊයේ (05) රාත්‍රීයේ දඹුල්ල - මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු මාර්ගයේ විහාර හංදිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ, කණ්ඩලම දෙස සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකුගේ හා දරුවෙකු වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටී අනතුර සිදුව ඇති බවයි.

දරුවෙක් වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටී සිදු වූ අනතරකින් ජීවිත දෙකක් බිලිවෙයි. | Two Lives Are Lost In An Accident

එලෙස අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා සහ දරුවා වඩාගෙන සිටි කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව සහ පුද්ගලයා මියගොස් ඇත.

අදාල කාන්තාව වඩාගෙන සිටි වයස මාස 09ක දියණිය දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ, බණ්ඩරාගම ලිපිනයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු හා මෙතෙක් ලිපිනය අනාවරණය නොවූ 43 හැවිරිදි කාන්තාවක්.

ඔවුන්ගේ මෘත ශරීර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරින් යතුරුපැදිකරුද තුවාල ලබා ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.