බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්
Basil Rajapaksa
Latest Headlines
Sinhala news
Puwath.lk
Arrest
By R.rishma
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
බ්රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුවට අදාළව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මෙම විවෘත වරෙන්තුව නිකුත් කර තිබේ.