මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට රු. ලක්ෂ 50ක වන්දි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්ය පරිපාලන චක්රලේඛය යටතේ ගෙවනු ලබන වන්දි මුදල්වලට අමතරව මෙම විශේෂ වන්දි ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ සෑම නිලධාරියකු වෙනුවෙන්ම රුපියල් මිලියන 5ක (රුපියල් ලක්ෂ 50ක) වන්දි මුදලක් ගෙවීමට නියමිතය. පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරියකුට ද රුපියල් මිලියන 5ක වන්දි මුදලක් හිමිවේ.
එමෙන්ම, උපරිම ඉපයීමේ ශක්තිය සියයට 100කින් අහිමි වූ අර්ධ ආබාධිත නිලධාරියකුට රුපියල් මිලියන 4ක වන්දි මුදලක් ද, තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරියකුට රුපියල් මිලියන 3ක වන්දි මුදලක් ද ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.
මේ අතර, බන්ධනාගාර උපක්රමික බලකායට නෛතික පිළිගැනීමක් ලබාදීම සඳහා අවශ්ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත. බලකාය සඳහා ප්රමාණවත් හා සුදුසු නිලධාරීන් බඳවා ගැනීම, විධිමත් පුහුණුව ලබාදීම සහ අවශ්ය නවීන උපකරණ සැපයීම තුළින් එහි මෙහෙයුම් හැකියාව ශක්තිමත් කිරීමට ද තීරණය කර තිබේ.
මීට අමතරව, බන්ධනාගාර උපක්රමික බලකායේ මූලස්ථානය සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.