අනුරගේ සුබපැතුමට ලූලාගෙන් ප්රතිචාරයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවුඩයට බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා ප්රතිචාර දක්වා තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ලැබීම තමන්ට සතුටක් වූ බවයි.
එමෙන්ම, වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගත හැකි බව බ්රසීල ජනතාව සිය ජයග්රහණය තුළින් පෙන්වා දුන් බව ද ලූලා ද සිල්වා මහතා සිය සටහනෙන් පෙන්වා දී තිබේ.
ශ්රී ලංකාව සහ බ්රසීලය අතර තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුම ඔස්සේ සුබපැතුම් එක්කර තිබූ අතර, ඊට ප්රතිචාර දක්වමින් ලූලා ද සිල්වා මහතා මෙම අදහස් පළ කර තිබේ.
Meu caro @anuradisanayake, foi um prazer me reunir com o Senhor na Índia em fevereiro deste ano. O povo brasileiro mostrou que é possível defender a democracia contra a desinformação e o extremismo. Foi uma grande vitória! Espero que possamos aprofundar a cooperação técnica e o comércio bilateral entre nossos países.
— Lula (@LulaOficial) October 26, 2026