සබරගමුවේ සා/පෙළ සෞන්දර්ය සිසුන්ට විශේෂ නිවේදනයක්
G.C.E. (O/L) Examination
Education
Sinhala news
Puwath.lk
By Malith Madushan
ගංවතුර තත්ත්වය හේතුවෙන් අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ සිසුන්ට අමතර දිනයක් ලබාදීමට තීරණය කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් සිසුන්ට විභාග මධ්යස්ථාන වෙත ළඟාවීමට අපහසු වී ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් සිසුන් කලබල විය යුතු නොමැති බව ද ඇය අවධාරණය කළාය.
ගංවතුර තත්ත්වය පහව ගිය පසු අදාළ විභාග මධ්යස්ථානය වෙත ගොස් අමතර ප්රායෝගික පරීක්ෂණ සඳහා දිනයක් ලබාගැනීමට සිසුන්ට හැකියාව පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.