කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා හදිසියේම රෝහලට - හේතුව..?

meerigama Kotadeniyava Negambo hospital
By Sewvandhi Jan 08, 2022 03:10 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මාස එකහමාරක් තිස්සේ, අතුරුදන්ව සිට හමුවූ කොටදෙනියාව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනා, මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම දරුවන් රැගෙන ගිය අවස්ථාවේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහි නොසිටීම හේතුවෙන්.

එහිදී සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ලබාදුන් උපදෙස් මත එම ළමයින් රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ අනුව මේ වනවිට එම දරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව සිටින බව සඳහන්.

වෛද්‍ය වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් ලබන සඳුදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරිනියක් සඳහන් කළේ. 

 පසුගිය වසරේ නොවැම්බර් 23 වන දා අතුරුදන් වූ මෙම දරුවන් දෙදෙනා මීරිගම නගරයේ වෙළඳසැළක සිටියදී එහි හිමිකාරිනිය විසින් හඳුනාගෙන පෙරේ දා පෙරවරුවේ මීරිගම පොලිසිය වෙත භාර කෙරුණා.

එහිදී අදාළ දරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, මව ඇතුළු නිවැසියන් පහර දීම නිසා තමන් නිවසින් පලා ආ බවයි.

කෙසේ වෙතත් අදාළ ළමයින් දෙදෙනා පොලිසිය වෙත භාර කළ කාන්තාව මෙන්ම ඇගේ සැමියාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් පෙරේ දා කොටදෙණියාව පොලිසියට ද කැඳවා තිබූ අතර තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now