අතුරුදහන්ව සිටි දරුවන් ගැන අලුත්ම කතාවක් එළියට..

Meerigama Kotadeniyava Vaththemulla Baduragoda children missing
By Sewvandhi Jan 07, 2022 03:42 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මීට දින හතළිස් හතරකට (44) පෙර කොටදෙණියාව වත්තේමුල්ල, බාඳුරාගොඩ ප‍්‍රදේශයේදී අතුරුදන් වූ පිරිමි දරුවන් දෙදෙනා මීරිගම නගරයේදී ඊයේ (06 වැනිදා) මීරිගම පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

මෙම දරුවන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 23 වැනිදා නිවෙස්වලින් අතුරුදන්ව තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොටදෙණියාව පොලිසිය මහත් පරිශ‍්‍රමයක් දරමින් දරුවන් දෙදෙනා සොයා ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ වීම නිසා විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමටද පියවර ගෙන තිබුණා.

වයස අවුරුදු 10 සහ 12 වියේ පසුවන ඥාති සොහොයුරන් වන මෙම දරුවන් දෙදෙනාගෙන් පොලිසිය කළ විමසීමේදී තමන් නිවෙස්වලින් පිටව ගිය පසු දින ගණනාවක් මීගමුව නගරයේ සිටි බව සඳහන් කර තිබෙනවා.

එසේ මීගමුව නගරයේ සිටියදී විවිධ අයට අතපා ආහාර ඉල්ලාගෙන කුසගිනි නිවාගෙන ඇති දරුවන් දෙදෙනා පසුව මීරිගම නගරයට පැමිණ සිටියදී ප‍්‍රදේශයේ කාන්තාවකට හමුවී ඇගේ නිවසට රැගෙන ගොස් තිබෙනවා.

එසේ මීගමුව නගරයේ සිටියදී විවිධ අයට අතපා ආහාර ඉල්ලාගෙන කුසගිනි නිවාගෙන ඇති දරුවන් දෙදෙනා පසුව මීරිගම නගරයට පැමිණ සිටියදී ප‍්‍රදේශයේ කාන්තාවකට හමුවී ඇගේ නිවසට රැගෙන ගොස් තිබෙනවා.

අනතුරුව දරුවන් දෙදෙනා නහවා, කවා පොවා පිරිසිඳු කළ එම කාන්තාව මාධ්‍ය මගින් ඔවුන් පිළිබඳ පළවූ වාර්තා දැක කොටදෙණියාවෙන් අතුරුදන් වූ දරු දෙදෙනා බවට හඳුනාගෙන මීරිගම පොලිසිය දැනුවත් කර ඔවුන් පොලිසියට භාර දුන් බවයි මීරිගම පොලිසිය පැවසුවේ.

දරුවන් සඳහන් කරන කරුණු ඔස්සේ තොරතුරු තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, මීරිගම පොලිසිය මගින් සොයාගනු ලැබූ මෙම දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොටදෙණියාව පොලිසියට භාරදීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

ඒ අනුව දරුවන් අතුරුදන් වූ ආකාරය ඇතුළු කරුණු සොයා බැලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ කොටදෙණියාව පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේවෙතත් එම දරුවන් දෙදෙනා නැවත තම නිවෙස් කරා යාම ප්‍රත්ක්ෂේප කරන බවයි වාර්තා වන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now