රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු 3ක් අත්අඩංගුවට..!
සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් ඇතුලු 3 දෙනෙකු පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 9 වනදා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන විශේෂ විමර්ශන ඒකකයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ශණ සිදුකරමින් පවතින්නේ.
මෙම විමර්ශන අතර ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරවීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරමින් කටයුතු කරන ලද පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර එහි පරිපාලකවරුන් ද හඳුනාගත් බවයි පොලිසිය කියාසිටියේ.
එක් සැකකරුවෙකු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක තරුණයෙක් වන අතර නිවසේ සිට වාහන අලුත්වැඩියා කරන පුද්ගලයෙක් බව සඳහන්.
ඔහු 18 වනදා දික්වැල්ල ප්‍රදේශයේදී අත්අංඩගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් හා ත්‍රිවිද හමුදා නිලධාරීන්ගේ නිවෙස්වලට ගිනි තබන ලෙසට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
දෙවන සැකකරු ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. ඔහු පෞද්ගලික සමාගමක සේවය කරන අයෙක් වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට අනුබල දීම හා මහජන ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට තොරතුරු පළ කිරීම් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකාරිය නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය රූපවාහිනී නිවේදිකාවක් බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඇය සමාජ මාධ්‍ය මගින් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමේ චෝදනාව යටතේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන්ට එරෙහිව පරිගණක අපරාධ පනතේ සඳහන් වැරදි යටතේ විමර්ශණ සිදු කරන බව පොලිසිය කියාසිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |