පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා හරින ගණිත ගුරුවරයා

Sri Lanka Police Kalutara Sri Lanka
By Sithumi Nov 21, 2022 01:34 PM GMT
Report

 කළුතර ප්‍රදේශයේ පාසල් සිසුන් අතරට කරල් සමඟ මත්ද්‍රව්‍ය කරල් බෙදා හරිමින් සිටි උපකාරක පන්ති පවත්වමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන් කළුතර ප්‍රදේශයේ නිවසක් වටලා මත්කුඩු කරල් 1299ක් සොයා ගෙන ඇත.

සැකකරු 4, 5, 6, 7 සහ 8 ශ්‍රේණි සඳහා ගණිතය සහ විද්‍යා විෂයයන් උගන්වන උපකාරක ගුරුවරයෙකු වන අතර ඔහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ කුලී නිවසක පදිංචිව සිටින බව අනාවරණය විය.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක දරුවන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාරදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now