කාන්තා වැසිකිළියෙන් කැමරා මතුවූ ටියුෂන් පංතියට සිදු වූ දේ..තවත් ආයතනයකුත් ගෑවිලා..සමාව ගනී.(VIDEO)
ගම්පහ උපකාරක පන්තියක වැසිකිළියක අධිතාක්ෂණික කැමරාවක් සවිකර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතා එම උපකාරක පන්තියේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
එම උපකාරක පන්ති පවත්වන ගම්පහ සිරිකුරුස පාරේ ඉන්ධන පිරවුම්හලට යාබද ගොඩනැඟිල්ලේ පිහිටි ආයතනයට ඊයේ (පෙබ. 17) ගොස් කරුණු විමසා බැලූ නගරාධිපතිවරයා තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
එහිදී මාධ්‍ය අමතමින් නගරාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළා.
"මම ගම්පහ නගරාධිපති වුණ දිනයේ සිට බොහොම වෑයම් කරලා දිවා රෑ මහන්සි වෙලා නගර සීමාවේ සෑම දෙනෙකුගේ ම සහයෝගය ඇතිව නගරයේ ප්‍රසන්න පරිසරයක් ඇති කළා.
පහසුකම් වැඩිදියුණු කරන්න කටයුතු කළා. දෛනිකව සිසුන් තිස් හතළිස් දහසක් ගම්පහට එනවා උපකාරක පන්තිවලට සහභාගි වෙන්න.
මට වගකීමක් තියෙනවා වැඩිහිටියෙක් විදිහට ත්, නගරයේ ප්‍රධාන පුරවැසියා විදිහට ත් දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න.
මම ඉල්ලා සිටිනවා උපකාරක පන්ති පවත්වන අයගෙන් කරුණාකර මේ ගැන දැඩි අවධානය යොමු කරන්න.
නැවත කිසිම දිනෙක ගම්පහ නගරයේවත් ලංකාවේ කුමන ප්‍රදේශයකවත් මෙවැනි සිද්ධියක් වෙන්න දෙන්න එපා.
එහෙම දෙයක් වුණොත් ඒ සිදුවීමවලට ගොදුරු වන දරුවන්ට ඔවුන්ගේ ජීවිතයටම බලපාන ප්‍රශ්නයක් වේවි.
යළි ගම්පහ නගරයේ මෙවැනි සිදුවීමක් නොවිය යුතුයි.
එම නිසා එම උපකාරක ආයතනය වසා දැමීමට කටයුතු කරනවා. මින් ඉදිරියට ගම්පහ තිබෙන උපකාරක ආයතන පිළිබඳව මා විශේෂ අවධානයක් යොමු කරනවා.
මෙවැනි පහත් ක්‍රියාවන් නැවත සිදුකරන්න නම් එපා. තත්ත්වය තරාතිරම නොබලා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා."
ගම්පහ පොලිසිය විසින් මෙම සිදුවීම උසාවියට ඉදිරිපත් කර ඇති අතර, අදාළ විමර්ශන තොරතුරුද උසාවියට දැනුම් දී ඇත. අපහසුතාවට ලක්වූ සිසුවියන්ගේ ප්‍රකාශ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු උසාවියෙන් තීන්දුව ලබාදීමට නියමිත බව ද පොලිසිය විසින් වැඩිදුරට ත් පැවැසීය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘මව්බිම’ ආයතනය ඇමතූ ගම්පහ විජේරාම මාවතේ ‘සිප්විදු’ උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ දේශමාන්‍ය මිලාන් පිටගල්දෙනිය මහතා මෙම සිදුවීමට අදාළ ආයතනය විජේරාම මාවතේ පිහිටි තම ආයතනය නොවන බව ප්‍රකාශ කළේ ය.
“ගම්පහ ටියුෂන් පන්තියක කාන්තා වැසිකිළියේ කැමරාවක්” මැයෙන් ඊයේ (පෙබ.17) මව්බිම පුවත්පතේ පළ වූ වාර්තාවේ විජයාරාම පාර යනුවෙන් සඳහන්ව තිබුණේ ප්‍රමාද දෝෂයක බව මව්බිම පුවත් පත පවසනවා.
ඒ පිළිබඳව එම පාරේ පිහිටි අධ්‍යාපන ආයතනවලට සිදුවූ අපහසුතාව පිළිබඳව මව්බිම ආයතනය බලවත් කනගාටුවට ප්‍රකාශ කර තිබේ.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |