ගුරුවරියගේ ඇඳුම නිසා පාසලක් උණුසුම් වෙයි - විදුහල්පති සහ ගුරුවරිය රෝහලේ..(VIDEO)
ගුරුවරියක් ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් අද ත්‍රිකුණාමලය පාසලක් තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.
එනම්,2017 දී ද එවැනිම උද්ඝෝෂණයක් පැවැත්විණි. ඇතැම් ගුරුවරුන් පාසල් සංස්කෘතියට නොගැළපෙන අයුරින් ඇඳුමින් සැරසී පැමිණීම හේතුවෙන් පාසල් ප්‍රජාවගේ විරෝධය එල්ල වුණා.
එහිදී,ඒත් ඒක ගණන් නොගෙන ගුරුවරු 5 දෙනෙක් හබයා ඇඳගෙන හිටියා.
පාසලේ සංස්කෘතියට හා සංස්කෘතික උරුමයට ගැළපෙන පරිදි ඇඳ පැළඳ සිටින ලෙස පාලනාධිකාරිය ඉල්ලා සිටියද ඇතැම් ගුරුවරුන් දිගින් දිගටම ආන්දෝලනයට ලක් කරති.
මේ නිසා තමයි 2017 උද්ඝෝෂණය පැවැත්වුණේ. අනතුරුව දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා සහ අඛණ්ඩ විමර්ශන කාලය තුළ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් වෙනත් පාසල් සඳහා ගුරුවරුන් 5 දෙනෙකු බඳවා ගන්නා ලදී.
එම කාලය තුළ රට තුළ පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් ගුරුවරුන් 5 දෙනෙකුගෙන් 2 දෙනෙකු වෙනත් පාසල්වලට ස්ථිර ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
කෙසේ වෙතත්, ඉතිරි තිදෙනා අද (2022.02.02) පාසල් පරිපාලනය විසින් පිළි නොගත් ඇඳුමක් (හබයා) ඇඳගෙන පැමිණි බව වාර්තා වේ.
එම සිද්ධිය මුල් කරගනිමින් මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප වෙත දැක්වූ අදහස් පහතින්..
අද පෙරවරුවේ පාසලේ සිදුවූ දේ සම්බන්ධයෙන් අප එම ගුරුවරියගෙන් විමසීමක් කළා.එහිදී ඇය ප්‍රකාශ කලේ,
"මම අද උදේ 7.10 ට ඉස්කෝලේ ගියා. ඒත් ඒ අය මට අත්සන් කරන්න දුන්නේ නැහැ. මට ඉන්න කිව්වා. මම පැයකට වඩා බලා සිටියෙමි. නමුත් ඔවුන් මට අත්සන් කරන්න දුන්නේ නැහැ යැයි ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගා හින්දු කාන්තා විද්‍යාලයේ ගුරුවරියක් පැවසුවාය."
අද උදෑසන පාසලේ නොසන්සුන්තාවක් ඇති වූ අතර, විදුහල්පතිවරයා සහ ගුරුවරයා අතර නොසන්සුන්තාවයක් ඇති විය. එම පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරිය රෝහල් ගත කළ බවයි වාර්තා වුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |