දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටෙයි.. බිහිසුනු අනතුරක් 99න් බේරුණු හැටි මෙන්න.

Accident Wawniya Train wheel accident
By Aruna Dec 12, 2021 07:36 AM GMT
Report

වවුනියාව,තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වු අනතුරකින් අද (12) උදෑසන අයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසූවේ, විදුලි සංඥා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ ත්‍රිරෝද රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශීඝ්‍රගාමි දුම්රියේ අදාළ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා.

වවුනියාව, තාණ්ඩිකුලම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය පැවති බැවින්, දුම්රිය රියදුරු වේගය බාලකොට පැමිණීම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශය වළක්වා ගැනීමට හැකිව ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ප්‍රදේශවාසීන් පැවසූවේ, තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ ගැටලුවක් පවතින අතර, ඇතැම් අවස්ථාවල දුම්රිය සංඥා පද්ධතියේ දුම්රිය නොපැමිණෙන අවස්ථාවන්හි දී ද රතු එළි දැල්වෙන බවයි.

දුම්රියේ ගැටුණ ත්‍රිරෝද රථය මද දුරක් ඇදී ගොස් ඇති ආකාරය ද දැක ගැනීමට හැකි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now