දුම්රිය මගීන්ට බාධා එල්ල කරමින් හදිසියේ සිදු වූ දේ..පාලක මැදිරියෙන් දැනුම්දීමක්..

Sri Lanka Railways Train Crash Accident Department of Railways Railways
By Aruna Aug 16, 2023 03:07 AM GMT
Report

ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර ඊයේ(15) උදෑසන ගම්පහ, බුළුගහගොඩ ප්‍රදේශයේදී ද කොළඹ බලා ධාවනය වූ දුම්රියක එන්ජිමක් ක්‍රියා විරහිත වුණා.

එම දුම්රිය එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.