අවුරුදු 15 දැරියකට දුම්රිය ඇතුලෙදි පාපතරයෙකු කළ නරුම වැඩේ...විශාල පිරිසක් බලන් ඉදලා..අවසානයේ සිදු වූ දේ.
ස්ථානය - කැලණිය සිට රාගම දක්වා දුම්රිය මාර්ගය
වෙලාව - 6.50 - 7.10 ත් අතර
දිනය - 2022. 02.08
පොදු ප්‍රවාහන සේවා තුළ සිදුවන හිංසනයන් ගැන ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එය ඊයෙත් අදත් හෙටත් නොනැවතී දිගින් දිගටම සිදු වෙන්නක්.
මිනිස් මානසිකත්වය සහ ආකල්පවල නොදියුණු බව විසින් මකුලු දැලක ස්වභාවයෙන් දුර්වල පාර්ශවයන් දිනපතා ගොදුරු බවට පත් වෙනවා.
පිටකොටුව - පොල්ගහවෙල දුම්රිය මගීන්ගෙන් පිරිලා තිබුණා.
ඒ අතරෙ යම් කිසි මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර සිටියා යැයි සැක කළ හැකි ශරීර ප්‍රමාණයෙන් වඩා උසින් යුත් අමනයෙක් තමන්ගෙ අභ්‍යන්තර සත්වයා අවදි කරමින් හිටියා.
ආධාරකයක එල්ලී අපහසුවෙන් ගමන් කරන වයස අවුරුදු 15ක පමණ දියණියකුත් ඇගේ මවත් දුම්රියේ ගමන් කරමින් ඉන්නවා.
කථානායක අමනයා මුලින්ම කරන්නෙ අර කුඩා ගැහැණු දරුවගෙ ඇඟට හේත්තු වෙන එක.
ඉන්පස්සේ ඇයව අනවශ්‍ය විදිහට ස්පර්ශ කරන්න හදන එක.
සිද්ධිය වැටහුණු අම්මා වහාම ක්‍රියාත්මක වෙලා ඔහුට බැණ වදිනවා.
එයින් පසුබට නොවුණු අමන පුද්ගලයා කරන්නේ පෙරළා මවට කෑකොස්සන් ගසමින් දිගින් දිගටම තමන්ගෙ අසහනය පිට කිරීමට උත්සාහ කරන එක.
මේ සියල්ල සිදු වෙමින් පවතින කුඩා කාල පරාසය තුළ දුම්රියේ වෙළඳාමේ යෙදෙන තලතුනා අයෙක් මේ සිද්ධිය දකිනවා.
ඔහු කරන්නෙ කෑගහලා මේ අවනඩුව වටේ පිටේ අයට දැනුම් දෙන එක.
ඔහුගෙ වචන ටිකක් සැර වැඩියි. ඒත් ඒ අවස්ථාවට වඩාත් උචිතයි. "මෙතන එක පිරිමියෙක්වත් නැද්ද...
පේන් නැද්ද මේ අම්මටයි දුවටයි මේ බල්ලා කරදර කරනවා. එකෙක්ටත් කොන්දක් නැද්ද මේක නවත්තන්න...???"
ඔහු දිගින් දිගටම කෑගහනවා. ඒත් ටික වෙලාවක් යනකල්ම කිසිවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.
මැදිරියේ අනෙත් කෙළවරට ඇහෙනකල්ම ඔහු කෑගහනවා. අන්න ඒ වෙලාවෙදි කෙනෙක් නැගිටලා ගිහින් සිද්ධියේ මුල් තැන අතට අරගෙන අර අමනයාට පහර දෙනවා.
ඔහු ඒත් පසු බහින්නෙ නෑ. මවට බැන වැදුණු ආකාරයටම පහර දෙන්නට ආපු අයටත් බැන වදිනවා.
සහ වචනවලින් දිනන්න උත්සාහ කරනවා. අන්තිමට ඔහු රාගමට එනතුරු දුම්රිය ඇතුළෙ ගුටි කනවා.
ඔහුගෙ අවාසනාවට රාගමදි දුම්රිය විනාඩි 10ක පමණ කාලයක විරාමයක් ගන්නවා.
දුම්රිය රාගමින් පිටත් වෙන තුරුම ඔහු ගුටි කනවා. "මල්ලි... අත අරින්න එපා..
ආයෙ ජීවිතේට මේ වගේ දෙයක් නොකරන්න මතක හිටිනකල් ගහපල්ලා..."
අන්තිමට අර මුල් තැන ගත්කෙනා දුම්රියට ගොඩ වෙන්නෙ ඔහුව රාගම ප්‍රජාවට භාර දීලා. "ඒ වගේ දෙයක් දැක්කම කිසි කෙනෙක් අහක බලාගෙන ඉන්න එපා. එහෙම කරහම උන් දිනනවා.
එතකොට උන් හැමදාම හැමතැනම ඒ දේම කරනවා. කොහොමද ගෑනු කෙනෙක් පාරකවත් බැහැලා යන්නෙ...!"
ඔහු අන්තිමට කිව්වා. සියල්ල අවසන් වෙන තුරුත් එක චලනයකින්වත් සහයක් නොවුණු පිරිසට, සමස්ථ හිංසනයට ලක්වන ප්‍රජාවේ අවමානයත් හිංසනයට එරෙහිව නැගී සිටි සංවේදී මිනිසුන්ට ආචාරයත් හිමි වේවා...!!!
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |