උඩරට මැණිකේ දුම්රියේ ගැටුණු පුද්ගලයෙකුට සිදු වූ දේ

Sri Lanka
By Sewvandhi Jun 26, 2022 10:56 AM GMT
Report

නිවසට ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙක් උඩරට මැණිකේ දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම පුද්ගලයා අද (26) දහවල් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී ඇත්තේ, හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් ගේට්ටුවට නුදුරින් වූ ප්‍රදේශයකදියි.

අනතුර සිදු වී බිම වැටී සිටියදියි ආරක්ෂක අංශ නිලධාරින් පැමිණ ඔහුව දික් ඔය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

තුවාල ලැබු පුද්ගලයා හැටන් ස්ටැඩන් වතු යායේ පදිංචිකරුවෙකු බවට සැක කරන අතර, එම වතුයායේ පදිංචිකරුවන් හැටන් නගරයට පිවිසීමට ඇති කෙටිම මාර්ගය ලෙසයි මෙම මාර්ගය භාවිත කරන්නේ.

දුම්රියේ ගැටුණු පුද්ගලයා අවුරුදු 60ක් පමණ වයසැති පුද්ගලයෙකු බවත්, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව ද හැටන් පොලිසිය පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now