අමෙරිකාවේ මොන්ටානා ආණ්ඩුකාරවරයා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

United States of America Ministry of Defense Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 08, 2026 10:31 AM GMT
Report

අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා සහ ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය ඇතුළු ප්‍රාන්ත නියෝජිත පිරිසක් හෙට (09) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළ ඉඩකඩ පුළුල් කිරීම සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ වී ඇත.

විශේෂයෙන්ම කඩල, පරිප්පු සහ වියළි කඩල නිෂ්පාදනයෙන් අමෙරිකාව තුළ පෙරමුණ ගන්නා මොන්ටානා ප්‍රාන්තයේ මෙම නියෝජිත පිරිස, මෙරට රනිල භෝග ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙමඟින් මොන්ටානා ප්‍රාන්තයේ ගොවීන්ට නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කර දීමත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සමඟ පවතින වාණිජමය සබැඳියාවන් තවත් ශක්තිමත් කර ගැනීමත් අපේක්ෂිතය.