දුම්රිය හරස් මාර්ගයක අනතුරු දෙකක්..පුද්ගලයෙක් මරුට..
Sri Lanka Railways
Train Crash
Accident
Department of Railways
Railways
By Aruna
අද (28) උදෑසන කඳාන දුම්රිය පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් කළ විමසීමකදී සඳහන් කළේ , ලොරියේ බදේ දුම්රිය ගැටී ඇති බවයි.
කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවල සිදුව නොමැති අතර, මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
මේ අතර , ගාල්ල, මාගාල්ල හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ (27) අවාසනාවන්ත ලෙස මිය ගියා.
ගාල්ල වරාය පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා අනතුරට ලක්ව ඇත්තේ බෙලිඅත්ත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් බවයි.
ඔහු අවුරුදු 35ක නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ
ගාල්ල වරාය පොලිසිය සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි.