සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී ඇදවැටෙයි..ටිකිරිත් පාලමක් උඩ දී පිට පනී..

Sri Lanka Railways Train Crash Accident Department of Railways
By Aruna Jun 16, 2024 03:05 AM GMT
Report

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවන වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී දුම්රියෙන් බිමට ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයෙකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය විසින් දැනුම්දෙනු ලබනවා.

ත්‍රිකුණාමලය බලා යන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ දී අද අළුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා දුම්රිය නියාමකවරයාගෙන් සංඥා ලැබී නැති අතර මේ හේතුවෙන් ඒ පිලිබඳව කළ සොයා බැලීමේදි දක්නට ඇත්තේ දුම්රිය නියාමකවරයා එම නියාමක මැදිරියේ දක්නට නොමැති බවයි.

දුම්රියෙන් බදුල්ලට ගිය 23 හැවිරිදි යුක්‍රේන තරුණියකට බිං ගෙය තුලදී සිදු වූ දේ..

දුම්රියෙන් බදුල්ලට ගිය 23 හැවිරිදි යුක්‍රේන තරුණියකට බිං ගෙය තුලදී සිදු වූ දේ..


දුම්රිය ධාවනය වෙමින් පැවතියදී බුළුගහගොඩ ප්‍රදේශයේදී නියාමකවරයා දුම්රියෙන් බිමට ඇද වැටී රෝහල් ගත කර ඇති බවයි, පසුව දැනගන්නට ලැබී ඇති බවයි.

ඉන් අනතුරුව කොළඹ කොටුවේ සිට මහනුවර බලා යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයෙකු ගම්පහ දුම්රිය ස්ථානය වෙත බලා යැවීමට පියවර ගෙන ඇති අතර පසුව පෙරවරු 7.30ට එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයට ලඟා වීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය බලා යන දුම්රිය යළි ධාවනයට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක් වීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16)කොළඹ කොටුව හැටන් සහ බදුල්ල නානුඔය දක්වා සිමා කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්..තව සති 02කින් අඩු කරයි?..

ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්..තව සති 02කින් අඩු කරයි?..


දුම්රිය බලධාරීන් කියා සිටියේ, ටිකිරිමැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී ඊයේ (15) රාත්‍රි 9.50 ට පමණ මෙසේ පාලම උඩදී පීලිපැනීමට ලක් වී ඇති අතර ,දුම්රියේ ඉදිරිපස එන්ජිම මෙලෙස පීලිපැනීමට ලක් වී ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ දැනට නවතා තබා ඇති බවත් එම දුම්රිය වලින් පැමිණි මගීන්ට බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු සිදු කල බවයි.

අද ඔබ අනවශ්‍ය දේවලට පැටලිය හැකි බැවින් මේ ලග්න වල අය ඉතාමත් විමසිල්ලෙන් වැඩ කරන්න..

අද ඔබ අනවශ්‍ය දේවලට පැටලිය හැකි බැවින් මේ ලග්න වල අය ඉතාමත් විමසිල්ලෙන් වැඩ කරන්න..


බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (16) පෙරවරු 6.02 ට නානුඔය දක්වා ධාවනය වූ බවත් , කැලිප්සෝ සංචාරක දුම්රිය බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බවත් කොළඹ බලා ධාවනය වීමට සෙසු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට නියමිත යැයි දුම්රිය බළධාරීන් ප්‍රකාශ කළේ ය.