සීඝ්‍රගාමී දුම්රියක ගැටී තරුණයෙක් මිය යයි..

Sri Lanka Railways Train Crash Accident Department of Railways Railways
By Aruna Aug 16, 2023 04:10 AM GMT
Report

රාගම දුම්රිය ස්ථානය අසල දී කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය ගිය පුවතක් වාර්තා වනවා.

දුම්රිය ගේට්ටුව වසා තිබිය දී පාපැදියක් තල්ලු කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන විට සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින විට මිය ගොස් ඇතැයි හෙළිවේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතර පසුවන පුද්ගලයෙක් බවත් තවමත් අනන්‍යතාවය හෙළි වී නොමැති බවයි.

කෙසේවෙතත් රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.