උඩරට දුම්රිය විශාල ගසක් උඩ යයි..මඟීන් අනූ නවයෙන් බේරෙයි..

Sri Lanka Railways Train Crash Accident Department of Railways Railways
By Aruna Jul 05, 2023 05:17 AM GMT
Report

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිමෙන් (05) දින උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියේ, නානුඔය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රිය අද(05) දින අලුයම 4.00 ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 118 ¼ සැතපුම් කණුව අසලදි ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය සහ සුලං තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට කඩා වැටි තිබු විශාල ගසක් මතින් දුම්රිය ධාවනය විම නිසා එම දුම්රියේ එන්ජිම පිලි පැන ඇති බවයි.

පිලි පැන ඇති දුම්රිය එන්ජිම පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, පිලි පැන ඇති දුම්රිය එන්ජිම පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියා.