වත්කම් බැරකම් පරක්කු වුණ අයට අල්ලස් කොමිසමෙන් සහනයක්

Income Tax Department Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 09, 2026 11:13 AM GMT
Report

නියමිත දිනය පසුවී, එනම් 2026 අගෝස්තු 31 වැනිදායින් පසු ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කිරීමට පෙර අදාළ පුද්ගලයන්ට හේතු දැක්වීමට අවස්ථාව ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තියට අනුව ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයට අදාළ දින ගණන අනුව පරිපාලන දඩ මුදල් අය කිරීම නීත්‍යානුකූලව සිදුකළ යුතු බවයි.

කෙසේ වෙතත්, අදාළ ප්‍රමාදය සඳහා සාධාරණ හේතුවක් පවතින්නේ නම්, එම හේතුව තහවුරු කරන ලේඛනද සමඟ ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව, අදාළ කරුණු සහ ලේඛන 2026 සැප්තැම්බර් 30 වැනිදා හෝ ඊට පෙර කොමිෂන් සභාව වෙත ලිඛිතව යොමු කරන ලෙස දැනුම්දී තිබේ.

මෙම ක්‍රමවේදය 2026 ජුනි 30 වැනිදායින් පසුව ඉදිරිපත් කරන ලද වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අදාළ වන බව කොමිෂන් සභාව සඳහන් කරයි.