දුම්රියේ යන අතර සෙල්ෆි ගන්න ගිහින් තරුණියක් ඇඳවැටෙයි..ඇය බේරගන්න පෙම්වතාත් දුම්රියෙන් පනී.. (VIDEO)

Police Accident Sri Lanka Train accident Ohiya train station
By Aruna Feb 03, 2022 10:57 PM GMT
Report

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 31 වන උමං මාර්ගය ආසන්නයේදී දුම්රියෙන් ඇද වැටීමෙන් විදේශික යුවළක් තුවාල ලබා තිබෙනවා.

අද සවස ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ මෙම විදේශික යුවළ ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ යමින් සිටි මෙම යුවළ අතුරින් මුලින්ම දුම්රියෙන් ඇද වැටී ඇත්තේ තරුණියයි.

අනතුරුව තරුණයා ද ඇය බේරා ගැනීම සඳහා දුම්රියෙන් පැන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරට ලක්වූ යුවළ ප්‍රංශ ජාතිකයන් බව ද සඳහන්.

දුම්රියෙන් වැටුනු ඔවුන් අදාළ දුම්රියෙන් ම හපුතලේ දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමෙන් පසු ගිලන් රථයකින් දියතලාව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දුම්රියේ දොරේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී විදේශික තරුණිය දුම්රියෙන් ඇද වැටී ඇති බවටයි.

අනතුරුවයි ඇය බේරා ගැනීමට තරුණයා පැන ඇත්තේ.

සිද්ධිය පිළිබඳ හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now