දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට.. පුද්ගලයෙක් පලා යයි..

Accident Sri Lanka Train accident Jaela Higurakgoda
By Aruna Jan 31, 2022 03:18 AM GMT
Report

ජාඇළ පොලිස් වසමේ කුඩහකපොළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය සංඥා පහන් දැල්වෙමින් තිබීයදී මාර්ගය හරහා ගමන්කළ ත්‍රිරෝද රථයක් කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනයවූ දුම්රියේ ගැටී තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරා සහ තවත් පුද්ගලයෙකු එහි ගමන් කර ඇති අතර, එක් පුද්ගලයකු මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

පොලීසිය පැවසුවේ,අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි කැලැහල, දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ද දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හිඟුරක්ගොඩ පොලිස් වසමේ හතමුණ ප්‍රදේශයේදී මඩකලපුව සිටි කොළඹ කොටුව දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී මෙම පුද්ගලයයා මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, 40 හැවිරිදි හතමුණ, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now