1න් පස්සේ වෙන දේ ගැන දන්නවා ද?. එළියට යනව නම් මේ ගැනත් දැනගෙනම යන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Dec 18, 2023 01:19 AM GMT
Report

අද (18) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

1න් පස්සේ වෙන දේ ගැන දන්නවා ද?. එළියට යනව නම් මේ ගැනත් දැනගෙනම යන්න.. | Today Weather In Sri Lanka 18Th December 2023

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

තව ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

1න් පස්සේ වෙන දේ ගැන දන්නවා ද?. එළියට යනව නම් මේ ගැනත් දැනගෙනම යන්න.. | Today Weather In Sri Lanka 18Th December 2023

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 36 සදහා කාළගුණයෙන් අලුත්ම නිවේදනයක්..!

ඉදිරි පැය 36 සදහා කාළගුණයෙන් අලුත්ම නිවේදනයක්..!