අද එළියට යන්න ද හදන්නේ..? මේ විශේෂ දේ ගැනත් දැනගෙනම යන්න..

Curfew Sri Lanka
By krishani May 13, 2022 01:03 AM GMT
Report

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද(13) පෙ.ව 06.00ට ඉවත් කෙරෙයි.

එය ප.ව. 02.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-14) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join