අද දින මේ ගැනත් විශේෂයෙන්ම දැනුවත් වන්න - අතිවිශේෂ දැනුම්දීමක්.. (PHOTOS)

Sri Lanka Police Sri Lanka
By krishani May 01, 2022 01:08 AM GMT
Report

කම්කරු දිනය හේතුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි හමුවේ කොළඹ නගරය අවට අද(01) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු නිලධාරීන්ට මේවන විටත් නියෝග ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

එමෙන්ම කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර නියමිත රාජකාරී ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGallery