කාන්තාවකට පෙට්‍රල් දමා ගිණි තබා.. මුදල් කොල්ල කෑමට තැත් කළ ගමක් බියපත් කළ බිහිසුණු සිද්දිය...

Sri Lanka Police Ratnapura Sri Lanka Police Investigation Crime
By Sithumi Dec 01, 2023 12:46 PM GMT
Report

වෙළෙඳසලක් මංකොල්ලකා එහි සිටි කාන්තාවකට පෙට්‍රල් ගසා ගිනිතැබීමට තැත්කර තිබෙනවා. මෙම සිදුවීම සිද්ධියක් කිරිඇල්ල කුරුගම්මෝදර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (01) අලුයම 05ට පමණ රත්නපුර - පානදුර මාර්ගයේ කිරිඇල්ල කුරුගම්මෝදර හන්දියේ පිහිටි සිල්ලර වෙළෙඳසලක් තුළ මෙම සිද්ධිය ඇතිවී තිබෙන අතර වෙළෙඳසලට ඇතුළුවූ දෙදෙනෙකු එහි සිටි කාන්තාවකගේ මුදල් බෑගය මංකොල්ලකා ඇයට පෙට්‍රල් ගසා ගිනිතැබීම හේතුවෙන් එම වෙළෙඳසල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

එම වෙළෙඳසල හිමි අදාළ කාන්තාව අලෙවි කිරීම සඳහා අද අලුයම එළවළු රැගෙනඒමට රත්නපුර පොදු වෙළෙඳපොළට යෑමට සූදානමින් සිටි අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිවී තිබුණු අතර අදාළ කාන්තාව ගින්නෙන් බේරීමට කටයුතු කර තිබුණ.

එහිදී වෙළෙඳසලේ පිටුපස දොර විවෘත කරනවාත් සමගම වෙළෙඳසල තුළට ඇතුළුවී ඇති නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සහිත ඇයගේ බෑගය කොල්ලකා පෙට්‍රල් ගසා ගිනිතබා තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවූ බව සිතා එම කාන්තාව වෙළෙඳසල තුළ සිට පිටතට දුවගොස් ඇති අතර ඒත් සමගම වෙළෙඳසැල ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ..